පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ චර්ම රෝගවල වර්ධනයක් ද සිදුවිය හැකි බවයි.
මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නිතර ජලය පානය කිරීමට මෙන්ම දියර සහිත ආහාර ලබාගැනීමට පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (31) දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 'අවධානය යොමුකළ යුතු' මට්ටමක පවතින බවයි.
ඒ අනුව උතුර, උතුරු - මැද සහ නැගෙනහිර පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උණුසුම් තත්ත්වය “අවධානය යොමුකළ යුතු“ මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)