colombotimes.lk
සිංහල | English

06 October 2024


ප්‍රචාරක වියදම් ලබා නොදුන් අපේක්ෂකයන්ට දැඩි දඬුවම්



මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙක් ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙවර අපේක්ෂකයන් 38 දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට ප්‍රචාරක වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයන් 4 දෙනෙක් පමණක් බවයි.

ඒ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ අපේක්ෂක මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලරත්න යන අයයි.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වනදාට පෙර එම වාර්තා ලබාදිය යුතු බව කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

ඒ අනුව 13 වනදාට පසු වාර්තා ලබා දුන්න ද එය නීතිවිරෝධී ක්‍රියා යටතේ ගෙන දඬුවම් ලබාදෙන බවද කොමිසම ප්‍රකාශ කළා.

(colombotimes.lk)