colombotimes.lk
සිංහල | English

08 September 2024


ගිලන් වූ ගිලන් රථය



දික්ඔය මූලික රෝහලේ සිට නොර්වුඩ් ස්ටොක්හොම් වතුයාය දක්වා ධාවනය වූ ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී තිබෙනවා.

අද (22) පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ගිලන් රථය ලිස්සා ගොස් මාර්ගය අභියස පිහිටි
බොක්කුවක් මතට පෙරලී ඇති බවයි Colombo Times අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව සඳහන්.

(colombotimes.lk)