colombotimes.lk
සිංහල | English

03 May 2024

ඉස්සන් කර්මාන්තය කඩා වැටෙන ලකුණු



පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක විශාල පිරිසක් ඉස්සන් කර්මාන්තයේ නිරත වන අතර මේ වන විට ඉස්සන් කොටු 27,000 කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව 2022 සහ 2023 වර්ෂවලදී ඉස්සන් මෙට්‍රික් ටොන් 11,000ක් අපනයනය කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට ඉස්සන් වගාකරුවන් මුහුණ දී ඇති ගැටළු කිහිපයක් හේතුවෙන් එම කර්මාන්තය කර ගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බව එම වගාකරුවන් පවසනවා.

'මොනඩෝන' නම් ඉස්සාගෙන් මෙරටදී පැටවුන් ලබා ගැනීම තහනම් කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය මෙලෙස ඉස්සන් කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

(colombotimes.lk)