colombotimes.lk
සිංහල | English

18 October 2024


දකුණු කොරියානු තානාපතිනිය ජනපති හමුවෙයි



ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි Miyon Lee අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී තානාපතිවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දකුණු කොරියානු රජයේ සුබ පැතුම්ද මෙහිදී අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වූ බවයි.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම තානාපතිනිය විසින් මෙම හමුවේදී තහවුරු කර තිබෙනවා.

(colombotimes.lk)