කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දිනවල කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල හෙට (18) සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බවයි.
එමෙන්ම දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)