colombotimes.lk
සිංහල | English

08 September 2024


ශ්‍රී ලංකා නව සන්ධානය ලබන සතියේ



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේදී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින්.

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා කියා සිටියා.
(colombotimes.lk)