colombotimes.lk
සිංහල | English

08 September 2024


SL Vs AFG | අවසන් තරගයෙන් ලංකාවට කඩුලු 7ක ජයක්



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසු කර ගියා.

අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 91 කට අවාසනාවන්ත ලෙස දැවී යාමකට ලක් වුණා.

පැතුම් නිස්සංක ලකුණු 118ක් වාර්තා කළ අතර, එයට හතරේ පහර 16ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

කුසල් මෙන්ඩිස් හයේ පහර 04ක් සමඟ වේගවත් ලකුණු 40ක් රැස් කළා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 03ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
(colombotimes.lk)