colombotimes.lk
සිංහල | English

18 October 2024


ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි - තානාපති කාර්යාලය



ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ලෙබනනයේ තානාපති කපිල ජයවීර සඳහන් කළේ තනාපති කාර්යාලය මේ වන විට ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවයි.

එමෙන්ම මෙරට ශ්‍රමිකයින් 7,600ක් පමණ ලෙබනනයේ සේවය කරන කරන බවත් ඔවුන්ගෙන් බහුතරයක් එරට දකුණු ප්‍රදේශවල සිටින බවත් ඔහු කියා සිටියා.

ඊශ්‍රායලය පසුගිය දිනවල ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් එරට උතුරු ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කළා.

ඒ අනුව ලෙබනනයේ තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැටුම් පවතින ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් ජීවත් නොවන බවයි.


(colombotimes.lk)