colombotimes.lk
සිංහල | English

20 May 2024

සෙමිනි අල්විස්ට තාවකාලික තහනමක්



ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ හිටපු නායිකා සෙමිනි අල්විස්ට තහනම් උත්තේජක චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය මාර්තු 21 වනදා සිදු කළ මුත්‍රා සාම්පල පරීක්ෂාවකදී මේ බව තහවුරු වී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෙමිනි අල්විස්ට තාවකාලික තහනමක් පැනවූ බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරෝමි හිරිපිටිය සඳහන් කළා.

(colombotimes.lk)