colombotimes.lk
සිංහල | English

18 October 2024


කථානායකවරයාගේ අවසන් භෝජන සංග්‍රහය 09 වනදා



කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය ධූරයෙන් සමුගැනීමත් සමඟ එළඹෙන 09 වනදා පාර්ලිමේන්තුවේ සාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළා.

ඒ සඳහා විශේෂ ස්ථානයක් කාර්ය මණ්ඩල භෝජනාගාරයේ සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

එදින උදෑසන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පොදු රැස්වීමක් පවත්වා අනතුරුව ඔවුන්ට දිවා භෝජන සංග්‍රහයක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් 30 දෙනෙක්ට පාර්ලිමේන්තුවේ සිව් වන මහලේ පිහිටි සී. පී. ඒ. සම්මන්ත්‍රණ ශාලාවේදී භෝජන සංග්‍රහය ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ මේ සඳහා සියලු වියදම් පාර්ලිමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් වන බවයි.    

(colombotimes.lk)