colombotimes.lk
සිංහල | English

21 May 2024

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව දීර්ඝ වෙයි



හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 7 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ අනුව එම නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය ප්‍රකාශ කිරීම මැයි මස 7 වනදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන් සමරකෝන් මහතා නිවේදනය කළා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා එම පෙත්සම ගොනු කර තිබුණා.
(colombotimes.lk)