16 July 2025

logo

කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතයත් අනතුරේ



'කණ්ඩලමේ හැඩකාරයා' නමින් හඳුන්වන වනඅලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදීම හේතුවෙන් වන අලියා ඉතා අපහසුවෙන් සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා. 

ඔවුන්ගේ දැනුම්දීම මත මාස ගණනාවක සිට වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකදීම මෙම වනඅලියාට ප්‍රතිකාර සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව වනඅලියාට ආහාර ලබාදීම සිදු නොකරන ලෙස වනජීවී නිලධාරීන් ජනතාවට දැනුම්දී තිබෙනවා. 

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් සඳහන් කළේ වෙඩි වැදීම හේතුවෙන් වන අලියා වනයේ සැරිසරන්නේ නොමැතිව කණ්ඩලම වැව ආශ්‍රිතව පමණක් සිටින නිසා අලියාට ආහාර හිඟයක් පවතින බවයි. 

ඒ අනුව ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් වනඅලියා සිටින ස්ථානයට හැකි පමණින් සුළු ආහාර ප්‍රමාණයක් ගෙනවීත් දමා තිබෙනවා. 

වනඅලියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
වනජීවී නිලධාරීන් ද වනඅලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපක්‍රමශීලීව ප්‍රතිකාර කිරීම් සිදුකරමින් පවතිනවා. 

(colombotimes.lk)