02 April 2025


පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි



2025 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ 2වන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14වනදා අවසන් වුණා.

මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් ඊයේ (31) දිනට අමතරව අද (01) දිනයේද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)