මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට තද වැසි ඇදහැලෙමින් පවතිනවා.
මේ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ රථා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.
මේ අතර නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට පිවිසෙන මාර්ගයේ මංසන්ධිය සහ නුවරඑළිය උඩුපුස්සැල්ලාව මාර්ගය අද (03) උදැසන ජලයෙන් යට වුණා.
(colombotimes.lk)