14 January 2025


පොලිස් නිලධාරීන් 04කගේ වැඩ තහනම් වෙයි



මාර්ග අනතුරකින් අනතුරුව පුද්ගලයෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය, චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව් දෙනෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ එලෙස වැඩතහනම් කර ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ බවයි.  

(colombotimes.lk)