මාතර කොට්ඨාසයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙම නියෝගය මාතර කොට්ඨාසයේ වැඩ බලන පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන තිබෙනවා.
ඉන් අනතුරුව එහි සේවය නොමිලේ ලබා ගැනීමට උත්සහ දරා තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකදී අදාළ නිලධාරීන් තිදෙනා එම චෝදනාවට වරදකරුවන් බවට පත්වී තිබෙනවා.
ඒ අනුව පොලීසියේ විනය පවත්වා ගැනිමට හානිවන අයුරින් හැසිරීම, පොලිස් නිලධාරියෙක් ලෙස තම නිලය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන වැරදි මත අපකීර්තිදායක හැසිරීම හා දූෂිත ක්‍රියා යන චෝදනා හේතුවෙන් අදාළ නිලධාරීන්ට මෙම නියෝග නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)