colombotimes.lk
සිංහල | English

05 October 2024


PHOTOS | ගිනිගත්හේන ප්‍රදේශයේ ඉඳි කරමින් තිබූ තෙමහල් ගොඩනැගිල්ලක් නායයයි



ගිනිගත්හේන මිල්ලගහමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ තෙමහල් ගොඩනැගිල්ලක් අද (06) අලුයම 3.45ට පමණ නායයාමට ලක්වී තිබෙනවා.

එම ප්‍රදේශයට ඊයේ (05) දින සිට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මෙම නායයෑම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තෙමහල් ගොඩනැගිල්ල අඩි 200ක පමණ ප්‍රපාතයකට නායගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ කිසිවෙකු සිට නොමැති බවයි වාර්තා වන්නේ.





(colombotimes.lk)