colombotimes.lk
සිංහල | English

17 May 2024

හෙටත් ගිගුරුම් සහිත වැසි



බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (1) සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, වැසි සමඟ ඇති වන තද සුළං සහ අකුණු සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙසයි.
(colombotimes.lk)