28 July 2025

logo

හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා



හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා.

පවතින වර්ෂාපතනයත් සමඟ අද (27) දහවල් මෙම මාර්ගයට පස් කන්ද කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය අපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින පර්ෂාවත් සමඟ එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත්වන ලෙසයි.

(colombotimes.lk)