ටොංගා දූපත් රාජ්‍යයේ හටගත් රික්ටර් මාපක 7.1ක භූමිකම්පාව හේතුවෙන් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනයෙන් සුළු හානි සිදුවී ඇති බවයි.
ඊයේ (30) ඇති වූ භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා.
ඉන්පසු බොහෝ පිරිසක් රට අභ්‍යන්තරයට හා උස් බිම්වලට ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම භූ කම්පනය කිලෝමීටර් 29ක් ගැඹුරින් සිදු වූ බව ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ පැය කිහිපයකට පසු එම ප්‍රදේශයේම රික්ටර් මාපක 6.1ක පසු කම්පනයක් ද සිදු වූ බවයි.
(colombotimes.lk)