26 March 2025


ඇමරිකානු උප ජනාධිපති ඉන්දීය සංචාරයකට සැරසෙයි



ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාර්තු අවසන් සතිය තුළ ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

ඇමරිකානු උප ජනාධිපතිවරයාට අමතරව එරට ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස්ද ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඇතිවූ එකඟතා මත මෙම සංචාරයන් සිදු වන බවයි.
 
ඉන්දියාව සහ ඇමරිකාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම එම සංචාරවල අරමුණ වී තිබෙනවා.

(colombotimes.lk)