colombotimes.lk
සිංහල | English

05 May 2024

ඇමරිකාවෙන් යුක්‍රේනයට දිගු දුර මිසයිල ලැබෙයි




ඇමරිකාව විසින් යුක්‍රේනයට රහසිගත ලෙස දිගු දුර මිසයිල යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ආයුධ ඇමරිකානු ජනපති ජෝ බයිඩන් අනුමත කරන ලද ඩොලර් මිලියන 300ක ආධාර පැකේජයේ කොටසක් වන බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.

ඇමරිකානු බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ, මෙම මිසයිල යුක්‍රේනයට ලබා දීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මාසයේදී අනුමැතිය ලබා දුන් බවයි.
(colombotimes.lk)