colombotimes.lk
සිංහල | English

18 October 2024


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහය



ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමරිකානු එක්සත් ජනපදය එකඟතාවය පළ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවට අපනයන වෙළද ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් සමඟ පැවති සාකච්ඡාවකදී සඳහන් කළ බවයි.
 
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සුබ පැතුම් පණිවිඩයක්ද ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් ජනාධිපති ලේකම්වරයාට පිළිගන්වා තිබෙනවා.

(colombotimes.lk)