වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් එහි ගමන් ගත් තරුණයන් 08දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සඳහා ගිය තරුණයන් පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබෙනවා.
නානුඔය පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ රියදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුර හේතුවෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.
(colombotimes.lk)