colombotimes.lk
සිංහල | English

24 October 2024


ලිඛිත විරෝධතා ඉදිරිපත් කිරීමට ගම්මන්පිලට කල්දෙයි



ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්ට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා‍ නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.

ඒ මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් විත්තිකරු වූ සිඩ්නි ජයරත්න අසනීප තත්ත්වයෙන් රෝගල් ගතවී සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවට අදාළ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ බවයි වාර්තා වන්නේ.

1996 වසරේ සැප්තැම්බර් මස 26 වනදා සහ 1997 වසරේ සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ අදාළ වරද සිදු කළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.

(colombotimes.lk)