colombotimes.lk
සිංහල | English

24 October 2024


ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි



05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න 03ක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ එම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)