colombotimes.lk
සිංහල | English

24 October 2024


දීපවාලි උත්සව සමයේ පොල් මිල ඉහළට ?



දීපවාලි උත්සව සමයේ පොල්වල මිල ගණන් ඉහළ යා හැකි බව වෙළඳුන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ඉල්ලුමට සරිලන සැපුයමක් නොමැති වීම නිසා එළඹෙන දීපවාලි උත්සව සමයේ පොල්වල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ වන විට වෙළඳපොල තුළ පවත්නා තත්ත්වය මත රු.120-160 දක්වා අතර සිල්ලර මිලකට හැටන් ප්‍රදේශයේ වෙළඳුන් පොල් අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ තමන්ට පොල් තොග වශයෙන් ලබා ගැනිමේදී අධික මුදලක් වැය කිරීමට සිදු වන හෙයින් පොල් ගෙඩි වර්ග කර රු.120-160 දක්වා සිල්ලර මිලකට අලෙවි කිරීමට සිදු වී ඇති බවයි.

(colombotimes.lk)