colombotimes.lk
සිංහල | English

24 October 2024


ඇල්පිටිය පුංචි ඡන්දයට සියල්ල සූදානම් - ගාල්ල දිස්ත්‍රික් ලේකම්



ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශී​ය සභා ඡන්ද විමසී​ම සඳහා රාජ්‍ය නිලධාරීන් 600ක්, ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඡන්ද පෙට්ටි නිකුත් කිරිම හෙට (25) පෙරවරුවේ සිදු කරන බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්ද විමසීම සෙනසුරාදා (26) පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)