colombotimes.lk
සිංහල | English

24 October 2024


මහ මැතිවරණයට අදාළ පෙත්සම සලකා බැලීමටත් දිනයක්



පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වනදාට පෙර ගොනු කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඊට අදාළ ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා නොවැම්බර් මස 01 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරවරයා පෙත්සම්කාර පාර්ශවයට කල් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම නොවැම්බර් මස 4 වනදා සිදු කරන බවට විනිසුරුවරයා නියෝග කළා.

(colombotimes.lk)