17 July 2025

logo

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්



තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (16) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතුකම්කරුවන් 14දෙනෙක් ආගරපතන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ආගරපතන පොලිස් වසමට අයත් නල්ලතන්නිය වත්තේ වතුකම්කරුවන් 09දෙනෙක් සහ ටොරින්ටන් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් 05දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. 

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

එම අයහපත් කාලගුණයත් සමඟ තේ වත්තේ රූස්ස ගස්වල බැද තිබෙන බඹර කූඩුවල බඹර වද කඩා ගැනීමට උකුස්සන් පහරදීම හේතුවෙන් ඇවිස්සෙන බඹරුන් තේ වත්තේ වැඩ කරමින් සිටින වතුකම්කරුවන්ට මෙලෙස පහරදී තුවාල සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)