17 July 2025

logo

මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම ඉහළට



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා. 

ඔවුන් සඳහන් කළේ ජලාශවල ජල මට්ටම ඉහළයාමත් සමඟ විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි. 

ඒ අනුව පවතින වර්ෂාපතනයත් සමඟ හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 



(colombotimes.lk)