හැටන් - සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙක් වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු පිරිසක් අද (10) එම ජලාශයේ පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානයට සුදුසු නොවන බවයි.
එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබාගෙන පිරිපහදු කර පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)