රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි.
සැකකාරිය ඊයේ (16) රාත්‍රීයේ චෙන්නායිහී සිට පැමිණි 23 හැවිරිදි ඩෙන්මාක් ජාතික තරුණියක් බව පොලීසිය සඳහන් කළා.
බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ පසුව ඇය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර හරිත මාවත ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටවයාමේ දී ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ගමන් මල්ලේ ආහාර අඩංගු පැකට් 25ක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබියදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 356ක් සොයාගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය අද (17) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)