04 August 2025

logo

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවට නියෝගයක්



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. 

ඒ මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදීයි. 

එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න අද රාජකාරී නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කර තිබෙනවා. 

(colombotimes.lk)