colombotimes.lk
සිංහල | English

19 May 2024

රුසියාවේ බෙල්ගොරොද් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක්



යුක්‍රේන දේශ සිමාවේ පිහිටි රුසියාවේ බෙල්ගොරොද් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගෙවුණු පැය 24 තුළ එම කලාපයේ තවත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් නේවාසික ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)