12 May 2025


යුද හමුදා නිලධාරීන් 1,509කට උසස්වීම්



15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසු නිලයන් 1,395කට ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)