colombotimes.lk
සිංහල | English

08 September 2024


"මගුල අපේ, හනිමූන් යන්නේ වෙන අය" - මැතිවරණ කොමිසමෙන් දොස්



කොළඹ පැවති සංවාදයකදී මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ වියදම් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

ඒ අනුව තැපෑලට, පොලීසියට සහ රජයේ මුද්‍රණාලයට මැතිවරණ වියදම්වලින් වැඩිම මුදලක් දරන බව ඒ මහතා කියා සිටියා.

මේ වනවිට තැපෑලට අවශ්‍ය භාණ්ඩ සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවත් තවත් අවුරුදු දෙකකට පමණ ඇතිවන පරිදි භාණ්ඩ ලබා ගන්නා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළා.

එහිදී ඔහු කියා සිටියේ 'මගුල අපේ, හනිමූන් යන්නේ වෙන අය' යනුවෙනුයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පූර්ව ඡන්ද විමසීමක් සිදු කළහොත් වියදම් අඩු කර ගැනීමට හැකි වන බවයි.

(colombotimes.lk)