colombotimes.lk
සිංහල | English

02 May 2024

අඟහරු වෙත යන්න ශ්‍රී ලාංකික විද්‍යාඥවරියෙකුටත් අවස්ථාවක්



අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නව පර්යේෂණ කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පරීක්ෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබීම විශේෂත්වයක්.

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළව මෙම මෙහෙයුම් සිදු කරනු ලබනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහෙයුමට සහභාගී වීමට ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් නව කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති බවයි.

ඒ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන අයයි.
(colombotimes.lk)