හලාවත මාරක අනතුරින් මිය ගිය ගණන ඉහළට



හලාවත - ඉරට්ටකුලම් ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටී අද (04) සිදු වූ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරින් බස් රථ‍යේ රියදුරු ඇතුළුව මිය ගිය ගණන 2ක් දක්වා ඉහළ ගියා.

එසේම අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් තිදෙනෙක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගල සදහන් කළේ.

(colombotimes.lk)