පසුගිය පෙබරවාරි 09වනදා දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ විදුලි බල මණ්ඩලය සිදු කළ විශේෂ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව එම සාක්ෂි කැඳවීම සිදු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන අයට 0772943193 දුරකථන අංකය අමතා වේලාවක් වෙන් කරගත හැකි බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.