colombotimes.lk
සිංහල | English

08 September 2024


මහ මැතිවරණයට මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන හැටි මෙන්න



මහ මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරෙන බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තවද ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවාණුවේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)