colombotimes.lk
සිංහල | English

04 May 2024

ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ගෙදර යයි



ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හඳුනා ගැනීමට නොහැකිවීම නිසා මෙලෙස ඔහු ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් අහරෝන් හලිවා විශ්‍රාම ගිය බව ඊශ්‍රායලයේ ආරක්ෂක බළකාය ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ධූරයෙන් ඉවත් වූ පළමු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා වන්නේ ද ඔහුයි.

(colombotimes.lk)