15 June 2026

logo

අධිවේගයේ යන අයට හෙට සිට අනිවාර්ය වන දෙයක් ගැන දැනුම්දීමක්



අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම හෙට (01) සිට අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර එය දක්ෂිණ, කොළඹ - කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙන බවයි. 

මෙම නියමයට අනුකූල නොවන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)