colombotimes.lk
සිංහල | English

08 September 2024


රටවල් හයක තානාපතිවරු සහ අනුර කුමාර අතර හමුවක්



රටවල් හයක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්වුණා.

ඒ අනුව පලස්තීනය, තුර්කිය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින යන රටවල තානාපතිවරු එම හමුව සඳහා එක්ව සිටියා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී එම පක්ෂයේ නියෝජිතයින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කර තිබෙනවා.

(colombotimes.lk)