2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේදී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස් ඉන්දිකා කුමාරි සඳහන් කළා.
ඒ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී ඇය කියා එම ප්‍රතිශතය 4.15%ක් බවයි.
මේ අතර 2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේදී සියලුම විෂයන් අසමත් වූ අපේක්ෂකයන් ප්‍රතිශතය 2.34%ක් බව ද ඇය සඳහන් කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සමස්ත විභාග අපේක්ෂකයන් 425,152 අතුරින් උසස් පෙළ පන්ති සඳහා සිසුන් 237,026ක් සුදුසුකම් ලැබූ බවයි.
(colombotimes.lk)