colombotimes.lk
සිංහල | English

08 October 2024


කඩා දැමූ රාජසභා මණ්ඩපය යළි ඉදිකිරීමට සූදානමක්



කඩා දැමුණු ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් සඳහන් කළේ එය නගර සභාව සතු භූමියක් වීම හේතුවෙන් බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකිරීමට නගර සභාවෙන් අනුමැතිය ගත යුතු බවයි.

2020 වසරේ ජූලි මාසයේ 14 වනදා මාර්ගය පුළුල් කරන බව පවසමින් කුරූණෑගල මහනගර සභාව බැකෝ යන්ත්‍රයක් යොදා එම බුවනෙකබා රාජ මාලිගයට හානි සිදු කළා.

ඒ අනුව පැරණි කොටස ආරක්ෂා කරමින් අනෙක් කඩා දැමූ කොටස නැවත ඉදිකරන බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන්  කළා.

(colombotimes.lk)