colombotimes.lk
සිංහල | English

08 October 2024


ක්‍රිකට් පිටියෙන් සමුගත් දැවැන්තයන් රැසක් යළි පිටියට



2024 Masters League තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙනවා.

ඒ අනුව එළඹෙන නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා මුම්බායි, ලක්නව්, රායිපූර්හිදී එම තරගාවලිය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ රොමේෂ් කළුවිතාරණ කටයුතු කිරීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායමේ නායකත්වය Eoin Morganට සහ කොදෙව් කණ්ඩායමේ නයකත්වය Brian Laraටත් හිමි වී තිබෙනවා.

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස  Sachin Tendulkarද, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස Jonty Rhodes සහ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා ලෙස Shane Watson කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)