07 January 2026

logo

තවත් දරුණු සුළි කුණාටුවකින් ඇමරිකාවට දැඩි බලපෑම්



ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මේ වන විට මිල්ටන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපා ඇත්තේ හෙලීන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින කිහිපයක් ඇතුළතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවී ඇති පුද්ගලයන් ලක්ෂ 05ක් පමණ එම ස්ථානවලින් ඉවත් කර තිබෙන බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වලටද බාධා එල්ල වී තිබෙනවා.  

(colombotimes.lk)