13 July 2025

logo

පාකිස්ථානයේදී එල්ල වූ ප්‍රහාරය චීනය තරයේ හෙළා දකියි



පාකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල පසුගියදා සිදුවූ මාරාන්තික පිපිරීම තරයේ හෙළා දකින බව පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය චීන ජාතිකයන් දෙදෙනෙක්ගේ ඛේදජනක මරණයට හේතු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය විසින් නම් කර තිබෙන බවයි.

ප්‍රහාරයෙන් දෙරටේම විපතට පත් වූවන් වෙනුවෙන් බලවත් ශෝකය පළ කරන බවද එම තානාපති කාර්යාලය පවසනවා.

(colombotimes.lk)